ලංකා ලිනක්ස් පර්ෂදයේ විද්‍යුත් තැපැල් හවුල් වල විස්තර පහත දැක්වේ.
linux @ lug.lk
මෙහි අරමුණ නිදහස් හා විවෘත මෘදුකාංග සම්බන්ධ තාක්ෂණික තොරතුරු හුවමාරු කරගැනීමයි. ඔබට මෙම තැපැල් හවුලේ පැරණි කතාබහ ලබාගැනීමටද හැක.
තැපැල් හවුලට නොගැලපෙන ලිපි ලැබීම අවම කිරීම සඳහා මෙම හවුලට ලැබෙන ලිපි සංස්කරණයට ලක් කෙරේ. මෙය හුදෙක් අනුචිත දේ හුවමාරු වීම වැලැක්වීම පිණිස මිස අදහස් හෝ යෝජනා වාරණයට ලක් කිරීම සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න.
linux තැපැල් හවුලට එක්වීම සඳහා පහත සඳහන් දෙකින් එක් ක්‍රමයක් පමණක් අනුගමනය කරන්න:
- තැපැල් හවුලේ විස්තර සඳහන් පිටුවට යන්න.
- මාතෘකාව
subscribe
ලෙස යොදා linux-request@lug.lk යන ලිපිනයට ඊ මේල් පණිවියක් එවන්න.
advocacy @ lug.lk
නිදහස් හා විවෘත මෘදුකාංග වලට අදාල තාක්ෂණික නොවන සාකච්චා සඳහා මෙය පිහිටුවා ඇත. ඔබට මෙම තැපැල් හවුලේ පැරණි කතාබහ ලබාගැනීමටද හැක.
මෙම තැපැල් හවුලට එවන ලිපි කිසිදු සංස්කරණයකට බඳුන් නොවේ. අන්තර්ජාලය තුලින් සියල්ලන්ටම මෙම තැපැල් හවුලට පිවිසීමට හැකියාව ඇති නිසා මනා සංයමයකින් හා විනයකින් යුතුව අදහස් පල කිරීමත්, අන් අයගේ අදහස් වලට ගරුකිරීමත් සෑම සාමාජිකයෙකුගෙන්ම අපේක්ෂා කෙරේ.
LKLUG advocacy තැපැල් හවුලට එක්වීම සඳහා පහත සඳහන් දෙකින් එක් ක්‍රමයක් පමණක් අනුගමනය කරන්න:
- තැපැල් හවුලේ විස්තර සඳහන් පිටුවට යන්න.
- මාතෘකාව
subscribe
ලෙස යොදාadvocacy-request at lug dot lk
යන ලිපිනයට ඊ මේල් පණිවියක් එවන්න.
sinhala @ linux.lk
GNU/Linux මෙහෙයුම් පද්ධතිය තුල සිංහල භාෂා සහය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම තැපැල් හවුල පිහිටුවා ඇත. ඔබට මෙම තැපැල් හවුලේ පැරණි සංවාද ලබාගැනීමටද හැක.
මෙම තැපැල් හවුලට එවන ලිපි කිසිදු සංස්කරණයකට බඳුන් නොවේ.
LKLUG sinhala තැපැල් හවුලට එක්වීම සඳහා පහත සඳහන් දෙකින් එක් ක්‍රමයක් පමණක් අනුගමනය කරන්න:
- තැපැල් හවුලේ විස්තර සඳහන් පිටුවට යන්න.
- මාතෘකාව
subscribe
ලෙස යොදා sinhala-request@lug.lk යන ලිපිනයට ඊ මේල් පණිවියක් එවන්න.

Delicious
Digg
Magnoliacom
Facebook
Google
Yahoo