Two Day Workshop on (UNIX) GNU/Linux Shell Scripting
Submitted by dassa on Tue, 2008-03-18 20:40
අප සමූහය විසින් 2008 මාර්තු මස 15 - 16 දෙදින (යුනික්ස්) ගනූ/ලිනක්ස් විධාන පුවරුව සහ ක්‍රමලේඛ සම්බන්ධ වැඩමුලුවක් පවත්වන ලදී. මෙහිදී අප මෙහෙයුම් පද්ධතිය ලෙස යොදා ගනු ලැබුවේ ගනූ/ලිනක්ස් වන අතර යුනික්ස් විධාන හා සම්බන්ධ වැදගත් කරුණු රැසක් ආවරනය කරන ලදී. අප මෙම වැඩමුලුව කොළඹ විශ්ව විද්‍යාලයේ පිහිටි ලංකා මෘදුකාංග පදනම ට අයත් සහන ව්‍යාපෘතියේ මෘදුකාංග ප්‍රවර්ධන පර්යේෂනාගාරයේදී පවත්වන ලදී.
අප සාකච්ඡාවට ලක් කළ කරුණු:
පළමු දිනය.
- විධාන පුවරුව හා විධාන පුවරු ක්‍රමලේඛනය පිළිබඳ හැදින්වීම - අනුරාධ
- මූලික filters (head, tail, grep, sort, wc etc) - බඩ්
- filters තවදුරට (sed and awk) - බඩ්
- විධාන කවුලුව වැඩි දියුණු ලෙස පරිහරණය කිරීම - සපුමල්
දෙවැනි දින
- විධාන කවුලුව ඇසුරින් පිංතූර පිළියෙල කිරීම - අනුරාධ
- අන්තර්ජාල සේවා සපයීම සදහා නඩත්තු කටයුතු ස්වයංක්‍රීය කිරීම - බඩ්
- iptables nat සහ gateway - සංජීව
- වැඩි දියුණු කළ විධාන කවුලු ක්‍රමලේඛ නිර්මාඛය - සපුමල්

Delicious
Digg
Magnoliacom
Facebook
Google
Yahoo