මුලින්ම sinhala at linux lk තැපැල් ලැයිස්තුවට බැඳෙන්න.
සිංහල භාෂාව ස්ථාපනය කිරීමේ වැඩකටයුතු වල මූලික ස්ථානයක් වන සියබස් වෙබ් අඩවිය ගැන අවධානයෙන් සිටින්න.
නිදහස් හා විවෘත මෘදුකාංග වලට පමනක් විශේෂ නොවූ පොදු කරුණු කාරණා දැනගැනීම සඳහා, කරුණාකර සිංහල යුනිකෝඩ් සමූහයට බැඳෙන්න. අනෙක් අයගේ අදහස් වලට ගරු කරමින්, සුහදව සංවාදයන්හි නිරත වීමට වග බලාගන්න.
පරිවර්තන කටයුතුවල නිරත වීම සඳහා, ප්‍රථමයෙන්ම ඔබගේ මෙහෙයුම් පද්ධතියෙහි සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර තිබේදැයි තහවුරු කරගන්න.
ඩෙබියාන් සහ සමාන පද්ධතීන්හි, ඔබට si_LK.UTF-8 locale එක ක්‍රියාත්මක කර ගැනීමට පහත පේළිය /etc/locale.gen ගොනුවට ඇතුලත් කර,
si_LK UTF-8
"locale-gen" විධානය root පරිශීලක ලෙස ලබාදීමට සිදුවිය හැකිය.
KBabel පරිවර්තන කටයුතු වල නිරත වෙන්නන් අතර ජනප්‍රිය මෘදුකාංගයක් වන අතර, Poedit මෘදුකාංගයද මේ සඳහා භාවිතා වේ. යුනිකෝඩ් සිංහල සඳහා සහාය ඇති පෙළ සකසනයක් වුවඅ PO ගොනු සංස්කරණය සඳහා භාවිත කළ හැකි වුවද, ඔබට භාෂා දත්ත ගබඩා වැනි පහසුකම් එමඟින් ලබාගත නොහැකි වනු ඇත.
පරිවර්තන කටයුතු ගැන අදහසක් ලබාගැනීම සඳහා මෙම අභ්‍යාසය කර බලන්න. මේ සඳහා pidgin මෘදුකාංගය ඔබගේ පද්ධතියේ ස්ථාපනය කර තිබිය යුතුයි.
මෙම උදාහරණයේදී, වෙනත්(de) locale එකකින්, පරිවර්තනය කර ඇති ගොනුවක් පිටපත් කර ගෙන, එය kbabel භාවිතයෙන් නැවත පරිවර්තනය කර, එය සිංහල(si) සඳහා පිටපත් කෙරෙනු ඇත.
% cd /tmp % cp /usr/share/locale/de/LC_MESSAGES/pidgin.mo . % msgunfmt -o pidgin.po pidgin.mo % kbabel pidgin.po % msgfmt -o pidgin.mo pidgin.po % su # mkdir -p /usr/share/locale/si/LC_MESSAGES # cp pidgin.mo /usr/share/locale/si/LC_MESSAGES/
දැන් locale එක si_LK.UTF-8 ලෙස සකස් කොට pidgin ධාවනය කරවන්න.
% export LC_ALL=si_LK.UTF-8 % pidgin

Delicious
Digg
Magnoliacom
Facebook
Google
Yahoo